අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඔහු සඳහන් කළේ, විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව ය.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (අප්‍රේල් 3) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ය.