gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද යන්න හදයි... අස් නොවන්නැයි පවුලෙන් දැඩි බලපෑම්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එක් අයෙකු දෙදෙනෙකු හැරුණු විට අන් සියලු දෙනාම ගේම ඉල්ලීම වී ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටිය යුතු බවයි.

ආසන්න අවස්ථාවදී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත මෙම තවදුරටත් එම ධුරයේ රැඳී සිටින බව වාර්තා වෙයි.

සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ පවුලේ සාමාජිකයන් විසින් කරන ඉල්ලීම මත බවද සදහන්ය.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ට පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රී සංඛ්‍යාවක සහාය නොලැබෙන්නේ නම් තවදුරටත් ධුරයේ රැඳී නොසිටින බවයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහත් මහනාහිමිවරුන් වෙත දැනුම් දී ඇත්තේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මහනාහිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඒ පිළිබඳව ක්‍රියා මාර්ග ගන්නා බවයි.

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka