gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති ඉල්ලා අස් නොවී ජාතිය අමතයි… අද කැබිනට් එකේ නැති බැසිල්ට නාමල්ට ප්‍රමාද වී ඇමතිකම්!

ආණ්ඩුවේ බහුතරයකගේ ඉල්ලීමට කන් දෙමින් තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට තීන්දු කළ  මහින්ද රාජපක්ෂ අද (11)  රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

සමගි ජනබලවේගය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය යෝජනාවට සාර්ථකව මුහුණ දීමට නම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය යුතුවම ඇතැයි පසුගිය දා ඉල්ලා අස් වූ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

පසුගිය දා ස්වාධීන වූ වැඩි දෙනෙක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් ආණ්ඩුව ආර්ක්ෂා කරදීමට කටයුතු කරන බවට එකඟ වී ඇතැයි ද හිටපු ඇමතිවරයා කීවේය.

රාජපක්ෂ පවුලට ආණ්ඩුව අභ්‍යන්තරයේ පවා විරුද්ධත්වයක් පැවතුනත් මහින්ද රාජපක්ෂට එවැනි කිසිදු අයෙක් විරෝධය පල නොකරන බව කී ඔහු විශ්වාසභංගය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ බව රටට වඩාත් හොඳින් බලා ගත හැකි වනු ඇති බව සඳහන් කළේය.

මේ අතර තමන් ඇතුළු ඇමති මණ්ඩලය දිවුරුම් දනෙ බව කී ඔහු නාමල් හා බැසිල් ඊට ඇතුළතු කර නොගන්නා බවට විශ්වාසය පල කළේය.

නාමල්  රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ජනතාව තුළ දැඩි විරෝධයක් මතුව තිබෙන නිසා ඔවුනට තනතුරු ලබා දීම ප්‍රමාද වනු ඇති බව කී ඇමතිවරයා අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට පෙර කැබිනට් ඇමතිවරුන් සිටියත්  බොහෝ විට ඔවුන් ඉල්ලා අස්වීමට පෙර දැරූ ඇමති ධුර හිමි නොවනු ඇති බව අනාවරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka