නාමල් අරලිය ගහ මැදුරේ කැඳවූ රැස්වීමක් අන්තිම මොහොතේ කැන්සල් කරයි! 700කට එන්න කියලා!
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයේ කැදවූ සාකච්ජාවක් අවසන් මොහොතේ අවලංගු කිරීඹට පියවර ගෙන ඇත. මෙම සාකච්ජාවට හිටපු පළාත් සභා මැතිඇමැතිවරුන්, නගර සභා, මහනගර සභා නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 700ක් කැඳවීමට නාමල් කටයුතු කර තිබිණ.
නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයෙන් මෙම කැදවීම සිදු කර තිබූ බවද දැනගන්නට ඇත.
ඉදිරියේදී රට වටා ආණ්ඩුවට පක්ෂපාතී ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට මෙහිදී සූදානම් වුවත් ආරක්ෂක අංශවලින් ලද උපදෙස් හේතුවෙන් අවසන් මොහොතේ රැස්වීම අවලංගු කොට ඇති බව දැනගන්නට ඇත.
නාමල් අරලිය ගහ මැදුරේ කැඳවූ රැස්වීමක් අන්තිම මොහොතේ කැන්සල් කරයි! 700කට එන්න කියලා!
2022-04-24T10:35:00+05:30
Gossip Lanka Hot News






