අලුතින් එන යන ඇමතිවරුන් ප්‍රතිපත්ති හෝ ක්‍රියා පටිපාටි ගැන කිසිදු අවබෝධයක් නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ චෝදනා කළේ ය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ, බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පළ කර තිබූ ට්විටර් පණිවුඩයක් පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ය.
අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කරන ලද ගාස්තු සංශෝධන සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව ය.
The proposed tariff revisions by CEB has been approved by PUSL and not for the first time. The requests has been made multiple times since 2015. The cabinet has the authority to implement it, revise it or to reject the proposal. No decision has been made on the request so far.
— Kanchana Wijesekera (@kanchana_wij) April 26, 2022
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, දේශපාලන අධිකාරිය සහ අමාත්‍යවරුන් නිරන්තරයෙන් වෙනස් වුව ද, මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන ආයතනයක් වන අතර මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව ක්‍රියාත්මක වන බව ය.
