EXCLUSIVE : ලංකාවේ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙයි! IMF සාකච්ජා දින නියමයක් නැතිව කල් යයි!
ලබන 11 වැනිදා වොෂින්ටනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව දින නියමයකින් තොරව කල් දැමීමට අද දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත.
ඒ බව අද දිනයේදී මූල්‍ය අරමුදල විසින් මහබැංකුවේ නව අධිපති නන්දලාල් වීරසිංහ මහතා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
රට තුළ මේ මතුව ඇති දේශපාලන අර්බූදය ඒ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මහබැංකු අධිපතිවරයා විසින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අදාළ සාකච්ජා කල් දමන ලෙසට ඉල්ලීමක් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දැනට මුදල් අමාත්‍යවරයකු නොමැති වීම ඊට හේතුව වී ඇති බවද දැනගන්නට තිබේ.
EXCLUSIVE : ලංකාවේ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙයි! IMF සාකච්ජා දින නියමයක් නැතිව කල් යයි!
2022-04-08T19:53:00+05:30
Gossip Lanka Hot News





