gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව බංකොලොත් කියා ප‍්‍රකාශ කිරීම අනිවාර්යයි - හිටපු විගණකාධිපති මාධ්‍ය හමුවක

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බවත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ළවා අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා.

නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. තව කවුරුහරි අරගත්තා කියලා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

ඒ නිසා මේ ඉන්න රැළගෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කර ගැනීම අත්‍යාවශ්‍යයි. මොවුන් ගෙදර යැවීම අත්‍යාවශ්‍ය කාරණයක් වුණත් අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්ම මොවුන් ලව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්න වැඩ ටික කරවා ගන්න.”

– ADA


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka