gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් බිලියන 52ක් ණයයි.. වත්කම් ඩොලර් බිලියන 05යි… ණයට ගත්ත ඩොල් බිලියන 47ක් පිල්ලි ගිහින් - හිටපු විගණකාධිපති කියයි

රටේ ණය රුපියල් ට්‍රිලියන 20 ක් බවත් ඉන් සියයට 10ක් හෝ වත්කම් රටේ ඉතිරිව නැති බවත් හිටපු විගණකාධිපති  ගාමිණී විජේසිංහ කියයි.
ගුවන්විදුලි සාකච්ඡාවකට එක්වෙමින් හිටපු විගණකාධිපතිවරයා කියන්නේ ට්‍රිලියන 20 යනු විස්සයි බින්දු දොලහක් බවය.  ඩොලර් වලින් ගණනය කළහොත් ඩොලර් බිලියන 52ක් බවය.  රටේ ඉතිරිව ඇත්තේ ඩොලර් බිලියන 05කටත් අඩු වත්කම් බවය.

සිදුවූ දෙයක් ගැන නොදන්නා  ඩොලර් බිලියන 47කට ආසන්න ණය මුදල් ප්‍රමාණය කෑම බීම සඳහාත් දූෂිතයන්ගේ  කොමිස් අතුලු දූෂණ සඳහාත් වියදම් වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය

මේ මොහොතේ ජාත්‍යාන්තර මූල්‍ය අමුදලට යනවා හැර කරන්නට වෙන විකල්පයක් නැති නමුත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ලබා දෙන ඩොලර් බිලියන 04ක සීමිත ණය මුදලින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ඔහු පැහැදිලි කළේය.ය

අඩුම තරමින් මේ පීඩනයයෙන් ගොඩඒම සඳහා ඉතාම පුලුල් ජාතික වැඩපිළිවෙළක් යටතේ දැඩි කැපකිරිම් සහිව අවුරුදු 10 -15ක් ගෙවා දැමීමට නියම වී ඇතැයි හිටපු විගණකාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

“ඒ වැඩ පිළිවෙළ හැදුවෙ නැතිනම් මේ රට ගොඩ ගන්න ලැබෙන්නෙ නෑ. පාර්ලිමේන්තුව මේ වන විටවත් මේ ප්‍රශ්නය හඳුනාගෙන නෑ. තවමත් අට පාස් උදවියගෙ තීන්දුත් එක්ක නම් යන්න යන්නෙ මේ රට කොතනින් කෙළවර වෙයිද කියන්න බෑ. අපි අවුරුදු හතක් තිස්සේ මේ විනාශය වන බව මේ රටට කිව්වා. කවුරුත් ඇහුවෙ නෑ.“ හිටපු විගණකාධිපතිවරයා පැවසුවේය.

“අයි.එම්.එෆ් එකෙන්  ඩොලර් බිලියන 04ක් ලැබෙනකම්  අපි හැමෝටම ඉතාම අසරණ තත්වයක ගත කරන්න වෙන්නෙ. තවදුරටත් රටේ විකුණන්න දෙයක් නෑ. විකුණන්න වෙන්නෙ අපිව තමයි.“

“මේක ලේසි වෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම පටි තද කරගන්න සිද්ධ වෙනවා. පිටරටින් ගෙන්වන දේ බෙහෙත් සහ ඉන්ධනවලට පමණක් සීමා කරගන්න වෙයි. තමන්ට තියෙන විදිහට ඉන්න වේවි.“

“දැනට රටේ ණය බර  ට්‍රිලියන 21යි.   ඒක ඉදිරි අවුරුදු තිහ හතලිකහක්, පරම්පරා තුන හතරකට ගෙවිය යුතු ණයක්    ඒ ණය මුදල්වලින් සියයට 10කවත් වත්කම් ඉතිරිවෙලා නෑ රට තුළ.“

“මේ තරම් බිහිසුණු අර්බුදයක් තියන වෙලාවක දවස් දහයක් තිස්සේ පාර්ලිමේන්තුවෙ කතා කරනවා. මේ මිනිස්සු මේ    ප්‍රශ්නය හඳුනාගෙනවත් නෑ. එහෙම පාර්ලිමේන්තුවකින් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නෙ නෑ.“

“  අවුරුදු 10 -15ක්  දුක් විඳින්න වේවි. රුපියල් ට්‍රිලියන 20ක් ණය ගෙවන්න වෙන්නෙ කොහොම ද එහෙම නැතිව . ට්‍රිලියන 20ක් කියන්නෙ විස්සයි බින්දු දොළහක්.  ඩොලර් නම් බිලියන 52ක්. බිලියන 52ක් ණය තියන රටේ රුපියල් බිලියන 5කට වඩා වත්කම් නෑ.  කන්න බොන්න ණය අරගෙන. ඉතිරිඒවා සියල්ල කොමිස් ගහලා නාස්ති වෙලා තියෙන්නෙ. මේක තමයි ඇත්ත. ඔබ හිතන්න එපා මේක පහසුවේවි කියලා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka