gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාගේ ෆේස්බුක් සටහනට ආරක්ෂක ලේකම් ප්‍රතිචාර දක්වයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අමතා පළකර තිබූ සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ, සමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ය.

ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කෙරෙන සාමකාමී විරෝධතා මැඩ පැවත්වීම සඳහා කිසිසේත් ම හමුදා භටයින් යොදා නොගන්නා බව ඔහු එමගින් අවධාරණය කර තිබේ.

ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහය ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහය ලබා දෙන බව ලේකම්වරයා සඳහන් කර ඇත.

පසුගිය දා සරත් ෆොන්සේක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සාමකාමී ජන අරගලය මර්දනය කිරීමට දූෂිත පාලකයින් ලබා දෙන අනීතික නියෝග පිළිබඳව සිය දහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ය.

මේ අතර, සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදු කර එය හුවා දක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ලේකම්වරයා එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka