gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අසංවිධානාත්මක කණ්ඩායම් කියනවා දේශපාලනඥයන් අවශ්‍ය නැහැ කියලා... අපි දන්නේ නෑ ඊළඟ පියවර මොකද්ද කියලා – රනිල්

අසංවිධානාත්මක කණ්ඩායම් සංවිධාන කරන විරෝධතා හමුවේ මෙරට සමස්ත දේශපාලන ක්‍රමය තර්ජනයකට ලක්ව ඇති බව එක්සත්
ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ පෙරේදා (02) ඉන්දිය ප්‍රවෘත්ති නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

WION රූපවාහිනි නාලිකාවේ නිවේදිකාව – දැන් සති හතරක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිරීක්ෂණය කරමින් සිටිනවා. අපි වීථීවල නොසන්සුන් බවක් දකිනවා. දිගු ඉන්ධන පෝලිම්, දෛනිකව විදුලි කප්පාදු කිරීම් සිදුවනවා. මෙවැනි අර්බුදයක් ඇතිවුණේ ඇයි ?

මෙය ආර්ථික කඩා වැටීමක්. ආර්ථිකයේ සිදුවූ කළමනාකරණයේ දුර්වලතා.

මීට වසර දෙකකට පෙර අපි දැනගෙන හිටියා IMF සහාය ලබා නොගත්තොත් මෙවැනි අර්බුදයක් ඇති වෙයි කියලා. බදු අඩු කිරීම්, ආදායම් අඩුකිරීම්, වසංගත තත්ත්වය ,තව දුරටත් ආදායම් අඩු කිරීම්, ගෙවීමේ ශේෂයේ බලපෑම් නිසා 2021 අපිට IMF යාමට අවශ්‍ය වුණා අරමුදල් පහසුකම් ලබා ගැනීමට. අපි එය කළේ නැහැ. මේ තත්ත්වය ජනතාවට දරා ගන්න බැරි වීමේ පීඩනය පසුගිය බ්‍රහස්පතින්දා පුපුරා ගියා.”

WION රූපවාහිනි නාලිකාවේ නිවේදිකාව – ඇයි මේ තත්ත්වය මඟහැරීම සඳහා කිසිම දෙයක් කරන්නේ නැත්තේ?

“මුදල් මණ්ඩලයේ සහ භාණ්ඩාගාරයේ අදහස් පරස්පරයි. අපේ අදහස තවත් එකක්. අපි අතර තිබෙන මේ පරස්පර අදහස් IMF යාමට බාධා කළා වගේම අපිම මේ අර්බුදය විසඳගන්න හිතුවා. නමුත් ඒ අය සතුව විසඳුම් තිබුණේ නෑ. මේ නිසා අද වන විට විශාල අර්බුදයක් බවට පත්ව තිබෙනවා.
දැන් එය දේශපාලන අර්බුදයක් බවටද පත්ව තිබෙනවා.”

WION රූපවාහිනි නාලිකාවේ නිවේදිකාව – ජනතාව උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට වූ සිදුවීමත් සමග ඔබ හිතනවාද ඔවුන් සාමකාමි වෙයි කියලා?

“මම හිතන්නේ උද්ඝෝෂණ ඉදිරියටම යයි. ජනතාව තවදුරටත් මහ මඟ සිීටී. ඔවුන් ආණ්ඩුව අභියෝගයට ලක්කරයි. දේශපාලන පක්ෂ, ආණ්ඩුව සහ සංවිධානාත්මක සිවිල් කණ්ඩායම මතයි රටේ පාලන බලය රැඳී තිබුණේ. නමුත් දැන් ඔවුන්ගෙන් බලය ගිලිහී ගොස් තිබෙනවා. අසංවිධානාත්මක කණ්ඩායම් තමයි විරෝධතා එළියට ගෙනියන්නේ. ඔවුන් කියනවා දේශපාලනඥයන් අවශ්‍ය නැහැ කියලා. අපි දන්නේ නෑ ඊළඟ පියවර මොකද්ද කියලා. මොකද සමස්ත දේශපාලන ක්‍රමයම තර්ජනයකට ලක්ව තිබෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka