කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි!
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. අද රාත්‍රියේ මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී මේ බව තීන්දු කොට ඇති බව පැවසේ.
අද සවස ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා මුණ ගැසී අන්තර්වාර රජයක් බිහිකර ලෙස ඉල්ලීමක් කොට තිබිණ.
ඒ අනුව ඊට අවස්ථාව ලබ දෙමින් අගමැතීවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව හෙට (04) උදෑසන නව අමාත්‍ය මණ්ඩලයක් දිව්රුම් දීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
-mawratanews
කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි!
2022-04-04T01:06:00+05:30
Gossip Lanka Hot News





