මේ වනවිට මහජනතාවගේ මූලික විරෝධය එල්ල වී තිබෙන ගෝටාබය රාජපක්ෂ ඉල්ලා අස්වියයුතුය යන්න තිබියදී අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමේ විශ්වාසභංග යෝජනාවකට විමල් වීරවංස, මෛත්‍රීපාල සිරිසේන, උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරු පිරිස සජිත ප්‍රේමදාම සමග හවුල්වී කටයුතු කිරිමට පූර්ණ එකඟතාවයකට පැමිණ ඇත.
එම සාකච්ඡාව සඳහා සජිත ප්‍රේමදාස නියෝජනය කරමින් රංජිත් මද්දුමබණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එස්.එම් මරික්කාර් යන මන්ත්‍රීරුද, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංස, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඊයේ (25) දහවල් වනවිට මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් කර තිබෙන්නේ පූර්ණ එකඟතාවය සහිතවය. උදය ගම්මන්පිල සඳහන් කරන්නේ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව මේ වනවිට මන්ත්‍රීවරු 120ක් සිටින බවය.