සියළුම ඩීසල්-දැවිතෙල් බලාගාර නවතී… දැන් නොරොච්චෝල පමණයි.. ජල විදුලිය අන්තිමයි..
ඉන්ධන නොමැතිකම හේතුවෙන් කැලණිතිස්ස තාප විදුලි බලාගාරය ද ඊයේ පස්වරුවේ සිට අක්‍රීය වී තිබේ.
ඒ අනුව දැනට මෙරට විදුලි අවශ්‍යතාවය සපුරන්වේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 900 ක්, ජල විදුලිය බලාගාරවලින් මෙගාවොට් 300 ක් සහ සෙසු බලාගාරවලින් තවත් ස්වල්පයක් පමණි.
මේ දිනවල මෙරට සමස්ථ විදුලි ඉල්ලුම මෙගාවොට් 2600 ක් වන අතර විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 1645ක් පමණ වේ.
ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ හෙට දිනයේ යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන ලබා දීම දීමේ සැළසුමක් ඇති නිසා පැය 12ක විදුලි කප්පාදුවක් සැලසුම්කර ඇති බවයි.
නමුත් එම ඉන්ධන නොලැබෙන්නේ නම් පැය 15 ක පමණ විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද එහි සම ලේකම් එරන්ග කුඩාහේවා මහතා පැවසීය.
සියළුම ඩීසල්-දැවිතෙල් බලාගාර නවතී… දැන් නොරොච්චෝල පමණයි.. ජල විදුලිය අන්තිමයි..
2022-04-01T01:21:00+05:30
Gossip Lanka Hot News





