ගෝල්ෆේස් පිටියේ දියත් කොට ඇති නිර්පාක්ෂික ජනතා අරගලයට කැදවුම්කරුවන් පත් කරන බව කියමින් ඊට දේශපාලනික මුහුණුවරක් දීමට ගත් උත්සාහයක් සම්පුර්ණයෙන්ම පරාජයට පත් කිරීමට එහි සැබෑ අරගලකරුවන් පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමග වහාම ක්‍රියාත්මක වී ඇති අරගලයේ සැබෑ නියමුවන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට පියවර ගෙන තිබේ.
ඊට සම්බන්ධ වූ පිරිස් පිළිබදවද, කුමන්ත්‍රණකරුවන් පිළිබදවද සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට සැබෑ අරගලකරුවන් සමත් වී ඇති බව පැවසේ.
ඉදිරියේදී ඒ සියලු කුමන්ත්‍රණකරුවන් හෙළිදරව් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.
