හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කර සිටියා.
ඒ, එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොණු කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හයදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.
විමල් වීරවංශ, ජයන්ත සමරවීර සහ මොහොමඩ් මුසම්මිල් යන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන හිටපු මන්ත්‍රීවරුන් ද හිටපු පළාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ද මෙම නඩුවෙහි විත්තිකරුවන් වශයෙන් නම් කර තිබේ.
