gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු සමූලඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක්! කාදිනල් හිමියෝ ජිනීවා ගිහින් ලෝකයටම ඇහෙන්න කියයි! (VIDEO)

ශී‍්‍ර ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය මහා දේශපාලන කුමන්ත්‍රණයක ‌කොටසක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අමතමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප‍්‍රකාශ කර සිටියේය.

උන්වහන්සේ කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු සභාපති තුමනි, හිතවත් නෝනාවරුනි, මහත්වරුනි,

2019 අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරුදින ශී‍්‍ර ලංකාවේ දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් දරුදැරියන් අසූ දෙදෙනකු (82) සහ රටවල් 14 කට අයත් විදේශිකයින් හතළිස් හත් (47) දෙනකු ඇතුළුව මිනිසුන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, පන්සිය (500) දෙනකුට වඩා වැඩි පිරිසක් තුවාලලැබූහ.මෙම සමූල ඝාතනය පිළිබඳව මුලින්ම ඇති වූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ කි‍්‍රයාවක් බව ය.

කෙසේ වුවද, ඉන් අනතුරුව සිදුවූ විමර්ශනවලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය, මහා දේශපාලන කුමන්ත‍්‍රණයක කොටසක් බවයි.

අප ද සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද, වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට, ශී‍්‍ර ලංකාවේ රජය අසමත් වී තිබේ.

ප‍්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දක්නට ලැබේ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස, මේ බිහිසුණු අපරාධය සිදුවී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, පාස්කු ඉරුදින ඇත්තටම සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව අපි තවමත් අඳුරේ සිටිමු.

මෙය අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වූ අවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලූම සාමාජික රටවල් වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරනලද සාක්ෂි රැස්කිරීම ඉදිරියටම කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍යය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීම සඳහා ක‍්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka