විමල්-ගම්මන්පිලගේ පක්ෂ පළමුවරට ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කරයි! ශ්‍රීලනිපයෙන් 4යි!
අද පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පියවර ගෙන ඇත.
වීරවංශ මහතා සමග මන්ත්‍රීවරු 6 දෙනකු ජාතික නිදහස් පෙරමුණෙ නියෝජනය කරක අතර ඒ සියලු දෙනා අද පාර්ලිමේන්තුවේ කමිටු අංක 1 ශාලාවේ පැවැති රැස්වීමට සහභාගී වී නැත.
රැස්වීම පැවැත්වෙද්දී මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනාම සබාගැබේ කතාබහ කරමින් සිට ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරමින් අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ ඇත්තේ සිව්දෙනකු පමණි.
ඒ අංගජන් රාමනාදන්, නිමල් සිරිපාල ද සිල්වා, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායකය.
විමල්-ගම්මන්පිලගේ පක්ෂ පළමුවරට ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කරයි! ශ්‍රීලනිපයෙන් 4යි!
2022-03-09T16:37:00+05:30
Gossip Lanka Hot News





