කෝට්ටේ මහ නගරසභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනී හර්ෂණී සඳරුවනිගේ නාවල පිහිටි නිවසට ඊයේ (17) අලුයම් කාලයේ නාදුනන පිරිසක් විසින් ගල් මුල් වලින් පහර දී අලාභ හානි කර ඇත.
මන්ත්‍රීවරිය පවසන්නේ අද අලුයම 2.20ට පමණ ප්‍රථම ප්‍රහාරය එල්ලවූ අතර අලුයම 4.10 ට දෙවැනි ප්‍රහාරය එල්ල වූ බවයි. පසුව ඇය නිවසින් බැහැරට පැමිණ බලන විට නිදන කාමරයේ ජනේලවලට හා වහළයට අලාභ හානී සිදු වී ඇති අයුරු දැක ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන හර්ෂණී, ප්‍රබල සමාජමාධ්‍ය ක්‍රියාකාරිණියකද වේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධද, ආණ්ඩුවේ ජන පීඩක ප්‍රතිපත්තිද, එජාපයෙන් බිදී ගිය කණ්ඩායමක් වන සමගි ජනබලවේගේ ක්‍රියා කාරකම්ද මූණු පොත ඔස්සේ හර්ෂණී නිරතුරුවම සදය විවේචනයට බදුන් කළේය.
හර්ෂණී සඳරුවනිගේ නිවසට පහරදීමේ සිදුවීම හුදු සිදුවීමක් කොට බැහැර කළ නොහැක. මන්ද මීට දින දෙකකට පෙර බොරලැස්ගමුව ප්‍රධාන කොට්ඨාස සංවිධායිකා චාන්දනී පතිරගේ ගේ නිවසට පැමිණි නාදුනන පිරිසක් ඇයට තර්ජනය කොට පහරදී ඇත.
බොරලැස්ගමුව නගරසභාවේ මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් ඇති වී ඇති අර්බුධයක් සම්බන්ධයෙන් චාන්දනී පතිරගේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඉහළ නායක කාරකාදීන් ගේ ක්‍රියා කාරකම් පසුගිය කාලයේදී ප්‍රසිද්ධියේ විවේචනය කළේය.
