අගමැති අවලංගු කාසියක්...අවලස්සන ඇමරිකානුවා අපේ රට විනාශ කරනවා... ජනපති නෙවෙයි රට පාලනය කරන්නේ බැසිල් - ගම්මන්පිල හෙළිදරව් කිරීම් අරඹයි! (VIDEO)
බැසිල් රාජපක්ෂ නම් අවලස්සන ඇමරිකානුවා විසින් මේ ශ්‍රී ලංකාව විනාශ කරමින් සිටින බව හිටපු බලශක්ති අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අද ඇතිව තිබෙන ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බවත් මේ රට බංකොලොත් වුණා නොව බංකොලොත් කර ඇති බවත් හෙතෙම කියා සිටී.
බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව බංකොලොත් කරමින් සිටින්නේ ඇමරිකානු උවමනාවට බව ද හෙතෙම චෝදනා කරයි.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවලංගු කාසියක් වී ඇති බවත් රට පාලනය කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් හෙතෙම පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කළේය.
අගමැති අවලංගු කාසියක්...අවලස්සන ඇමරිකානුවා අපේ රට විනාශ කරනවා... ජනපති නෙවෙයි රට පාලනය කරන්නේ බැසිල් - ගම්මන්පිල හෙළිදරව් කිරීම් අරඹයි! (VIDEO)
2022-03-14T06:44:00+05:30
Gossip Lanka Hot News