gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති හමුවෙන් පසු ශ්‍රීලනිපය සතුටින්! ආණ්ඩුවෙන් ඉවත්වන අදහස අත්හිටුවයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රභලයින් සමග පැවති සාකච්ඡාව ඵලදායී ලෙස නිමා කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සහ පළාත් පාලන පනත සංශෝධන යෝජනාව රජය පිළිගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

සර්ව පාක්ෂික  සමුළුවක් කැඳවා ජනතාවට සහන සැලසීමට අවශ්‍ය විසඳුම් සොයා යෑම ඇතුළු වත්මන් ප්‍රශ්න රැසක් පිළිබඳ සංවාදයක් ඇති කර පිළිතුර ලබා ගැනීම පිළිබඳ යෝජනාව හිටපු ජනපතිවරයා විසින් ඉදිරිපත් කළේ මීට මාස ගණනකට පෙර බවත් එම ආරංචි මාර්ග කියයි.

සර්ව පාක්ෂික සමුළුව සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  විසින්ම ආරාධනා කීරීමට තීන්දු කර ඇත.

පලාත් පාලන පනත සංශෝධනය කිරීම සඳහා ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ පොදුජන පෙරමුණ එකඟ වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත යෝජනාවලිය පුළුල් ලෙස සංවාදයට ලක්කළ බවද වාර්තා වේ.

මෙම සාකච්ඡාවට  ආණ්ඩුව පැත්තෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම්, ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට එක් වී තිබේ.

රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා දිගටම පවත්වාගෙන යනු ලබයි.

මේ වනවිට  තීරණය වී ඇත්තේ ආණ්ඩුවෙන් වෙන් නොවී එහිම රැඳී සිටීම බව  වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka