මුලු රටම හරි මගට යන මැයෙන් ඊයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 11ක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති සමුලුවේදී අතුරලියේ රතන හිමියන් කතා කරද්දී උත්සව සභාවේ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවිය.
ඒ, රතන හිමියන් නියෝජනය කරන අපේ ජනබල පක්ෂෂයේ හිටපු මහලේකම්වරයකු වූ වේදිනිගම විමලතිස්ස හිමියන් රතන හිමයන්ගේ කතාවට බාධා කරමින් අදහස් පළ කිරීම හේතුවෙනි.
මෙහිදී විමලතිස්ස හිමියන් කියා සිටියේ අවුරුදු 13ක් මන්ත්‍රීවරයකු ලෙස සිටියත් රතන හිමියන් කළ කෙංගෙඩියක් නොමැති බවත්, නැවත වතාවක් ජනතාව රැවැට්ටීම සදහා උප්පරවැට්ටියක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.
පසුව උත්සව සංවිධායකයන් බලහත්කාරයෙන් උන්වහන්සේ සභාවෙන් ඉවතට රැගෙන යාමට පියවර ගත් ආකාරයක් දැකගන්නට තිබිණ.
