ජාතික ආණ්ඩුව ගැන රනිල් කතා කරයි... සියළු පක්‍ෂ එකතු වෙන්න ආරාධනා!
ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකතුව ජාතික රාමුවක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා ජනතා විශ්වාසය දිනාගෙන ආර්ථිකය ගොඩනැගීමක් කළ යුතු බවද හෙතෙම පැවසීය.
මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් ආර්ථිකය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු පවසයි.
ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රමාදවීම නිසා වර්තමානයේ ලබාගත හැක්කේ ඉන්ධන නෞකා හතක් පමණක් බවද ඔහු තවදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කිරුළපන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි.
ජාතික ආණ්ඩුව ගැන රනිල් කතා කරයි... සියළු පක්‍ෂ එකතු වෙන්න ආරාධනා!
2022-03-14T11:20:00+05:30
Gossip Lanka Hot News





