පසුගිය දා නිමාවට පත්වුණු ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව කොංග්‍රස් පක්ෂය ප්‍රබල ලෙස පරාජය වීම හේතුවෙන් කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ප්‍රාන්ත මැතිවරණ පැවැත්වූයේ උත්තර් ප්‍රාදේශ්, පන්ජාබ්, උත්තර්කාන්ද්, මනිපූර් සහ ගෝව යන ප්‍රාන්තවලය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය.
උත්තර ප්‍රදේශ් යනු ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය මෙහෙයවීම කළේ රාහුල් ගාන්ධි සහ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ය.
පන්ජාබ් ප්‍රාන්තය ‘කොංග්‍රස්’ පක්ෂය සතුව පැවැතියත්, මෙවර මැතිවරණයේදී, කොංග්‍රසයට බලය අහිමි විය.
උත්තරකාන්ද්, මනිපූර් සහ ගෝව යනක ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට කොංග්‍රස් පක්ෂය උත්සාහ කළත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හමුවේ එම උත්සාහය ව්‍යර්ථවී ගොස් තිබේ.
ලැබූ මෙම මැතිවරණ ජය, 2024 දී පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂයට ‘විශාල තල්ලුවක්’ යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම 2022 වසර අවසන් වෙද්දී ඉන්දියාවේ තවත් ප්‍රාන්ත 3 ක මැතිවරණ පැවැත්වීමට නියමිත අතර, කොංග්‍රස් පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව ක්‍රොංග්‍රස් පක්ෂ අභ්‍යන්තරයෙන් හඩක් නැගෙමින් පවතී.
බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ ගාන්ධි පරපුර කෙරෙහි ජනතා විශ්වාසය නැත්තටම නැතිවී ඇති බව යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
