gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුටින් පළමුවරට හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකින් යුක්රේනයට පහර දෙයි! බටහිරට දුන් කනේ පාරක්ද?

රුසියානු හමුදාව විසින් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් එල්ල කර බටහිර යුක්රේනයේ විශාල භූගත අවි ගබඩාවක් විනාශ කර ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම ප්‍රකාශය තහවුරු උවහොත් බොහෝ විට රුසියානු යුක්රේන යුද්ධයේදී MiG-31 ප්‍රහාරක ගුවන් යානයක් උපයෝගී කරගනිමින් රුසියාව විසින් එල්ල කරල ලද ප්‍රථම හයිපර්සොනික් බැලස්ටික් මිසයිලය එය වනු ඇති.

හයිපර්සොනික් මිසයිල යනු ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි මිසයිලයක් වන අතර හයිපර්සොනික් මිසයිල නිශ්පාදනය සඳහා රුසියාව විශාල ආයෝජනයක් කර ඇති බව රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් නැවත නැවතත් අවධාරණය කර සිටිනවා.

රුසියානු නිලධාරීන්ට අනුව Kinzhal මිසයිල යනුවෙන් නම් කර ඇති මෙම මිසයිල කිලෝමීටර් 2,000 (සැතපුම් 1,240) දක්වා ඉලක්කයකට පහර දිය හැකි අතර පැයට කිලෝමීටර 6,000 කට වඩා වේගයෙන් පියාසර කළ හැකිවේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට් හි න්‍යෂ්ටික ප්‍රතිපත්ති විශේෂඥ ජේම්ස් ඇක්ටන් පවසන්නේ රුසියාව එවැනි මිසයිලයක් භාවිතා කලද එය එතරම් වැදගත් දෙයක් ලෙස නොසලකන බවයි.

එය ක්‍රීඩාව හෙවත් යුද්ධය වෙනස් කිරීමට තරම් ප්‍රබල අවියක් නොවන බවයි ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් රුසියාව එවනි මිසයිලයක් භාවිතා කිරීම යුක්රේනයට සහයෝගය හා ආයුධ ලබා දීමට එරෙහිව බටහිරට දුන් සංඥාවක් විය හැකි බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka