තෙලුත් නැතිව මිලත් වැඩි කොට ජනතාව නන්නත්තාර කළ තෙල් සංස්ථාව සියලුම සේවකයන්ට කෝටි 50ක බෝනස් දෙන්න තීන්දු කරයි!
රුපියල් මිලියන 18,000 ඉක්මවූ මෙහෙයුම් අලාභයක් ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේ බෝනස් දීමනාව ලබා දීමට තීරණය කර ඇත.
මේ සතියේ රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.
පසුගිය වසරේ දී ද සේවකයන් 5200කට තුන් වරක් බෝනස් මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් සංස්ථාව වැය කර තිබේ.
ඊට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි විසි පහක් තිහක් අතර මුදලක් සංස්ථාව මාසිකව වැය කරයි.
තෙලුත් නැතිව මිලත් වැඩි කොට ජනතාව නන්නත්තාර කළ තෙල් සංස්ථාව සියලුම සේවකයන්ට කෝටි 50ක බෝනස් දෙන්න තීන්දු කරයි!
2022-03-13T15:33:00+05:30
Gossip Lanka Hot News