වාහන පිරිවරාගෙන යන ඇමැතිවරුන්ට තෙල් පෝලිම්වල වේලෙන ජනතාව එක දිගට ‘හූ’ කියති! ඇමැතිවරුත් ආරක්ෂක පියවර අරන්!
පසුගිය දින කිහිපය තුළ වාහන සහ ආරක්ෂකයන් පිරිවරා යන ආණ්ඩුවේ ඇමැතිවරුන් හට අවස්ථා කිහිපයකදීම ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව හූ තබා ඇති බව වාර්තා වේ. මේ තත්ත්වය වාර්තා වීමත් සමග අමාත්‍යවරුන් වහාම ආරක්ෂක විධිවිධාන ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඇතැම් ඇමැතිවරුන් පරිවාර රථ සහ ආරක්ෂකයන් නොමැතිව මේ දිනවල සිය ගමන් බිමන් යන අතර ඇතැම් ඇමැතිවරුන් පෝලිම් සහිත ඉන්ධන හල් මග හැර යමින් සිටි බවද දැනගන්නට තිබේ.
වාහන පිරිවරාගෙන යන ඇමැතිවරුන්ට තෙල් පෝලිම්වල වේලෙන ජනතාව එක දිගට ‘හූ’ කියති! ඇමැතිවරුත් ආරක්ෂක පියවර අරන්!
2022-03-08T11:14:00+05:30
Gossip Lanka Hot News