gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ස්වාධීන වෙන කතාව බොරු! අද ආණ්ඩුවේම වාඩිවෙනවා - කැරලි පිල තීන්දුවක

අද (8) පාර්ලිමේන්තුව රැස් වන්නේ ඉතා උණුසුම් දේශපාලන වට පිටාවක් තුළ.

ඒ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ නියෝජනය කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දැරූ කැබිනට් මණ්ඩල ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුව රැස්වන දිනය අද (8) නිසා.

ස්වාධීන කණ්ඩායම

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් නියෝජනය කළ ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ 11 අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අන් පක්ෂ 10 අද (8) රැස් වන පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇති බවට මත පල වනවා.

ඒ සම්බන්ධයෙන් එම කණ්ඩායමේ ජේෂ්ඨයා මෙන්ම තමන් දරන ඇමති ධූරය බේරාගත් වාසුදේව නානයක්කාර මහතා ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ සන්ධානගත මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන නොවන බවත් එම කණ්ඩායම ආණ්ඩු පක්ෂයේම අසුන් ගන්නා බවයි අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

අනාගත ක්‍රියා පිළිවෙත

එහෙත් ආණ්ඩුව තුළ සිටිමින් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මීට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පළමු පෙළ අසුනක හිටපු විමල් වීරවංශ මහතා සහ දෙවන පෙළ අසුනක හිටපු ගම්මන්පිල මහතාව අද (8) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 4 වෙනි පේළියේ අසුන් වලටයි දමා තිබෙන්නේ.

ඒ අනුව වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂයේ 73 වැනි අසුනත් ගම්මන්පිල මහතාට ආණ්ඩු පක්ෂයේ 78 වැනි අසුනයි අද (8) හිමිව තිබෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka