gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ අර්බුදය උග්‍ර අතට! රට වහන්න ආණ්ඩුවට යෝජනාවක්?

රටේ ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරනවා .

විශේෂයෙන් රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පවසානේ.

පාසල් ළමුන් පාසැල් කරා යෑමට නොහැකිව තත්ත්වයක් උදා වී ඇති නිසාත් රටේ පවතින විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ලවී ඇති තර්ජනය හේතුවෙනුුුත් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

තවද බස් රථ වලට ඉන්ධන නොමැති නිසා අද දින බස් ධාවනයේද  අඩුවක් දකින්නට ලැබෙනවා.

යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බවයි.

මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මේ අතර රට තුළ පවතින තත්වය නිසා රජයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා තිබෙනවා.

විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka