gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රසිද්ද නළුවෙක් හා දේශපාලක බෑනෙක් කෝටි 130ක හොර ගණුදෙනුවක! රහස් පොලිසියට මාට්ටුයි!

පසුගිය රජය සමයේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශය වෙත මිලදී ගෙන ඇති මිලියන 1300ක් වටිනා භාවිතයට ගත නොහැකි සන්නිවේදන උපකරණ ගනුදෙනුව පසුපස ප්‍රසිද්ධ නළුවෙකු හා ප්‍රබල දේශපාලනඥයකුගේ බෑනා කෙනකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන ඇත.

2017 දී මිලදී ගත් මෙම උපකරණ තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩගසා ඇත්තේ ඒවායේ කාලය ඉකුත් වීම නිසාය. මේ වනවිට එම උපකරණ මිලදී ගත් ඊශ්‍රායල් සමාගමද වසා දමා ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත.
මෙම ගනුදෙනුවේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව උපකරණ මිලදීගෙන භාණ්ඩවල වටිනාකමෙන් සියයට අසූවක්ද මුදල් ගෙවා තිබීම විශේෂිතය.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙසින් සන්නිවේදන උපකරණ මිලදීගැනීමට ඒ කල සිටි හමුදාපතිවරු හා බුද්ධි ප්‍රධානීන්ගෙන්වත් කරුණු විමසා නොමැති බවද අනාවරණය කරගෙන ඇත.

මෙම දූෂිත ගනුදෙනුව ගැන සොයා බැලීමට පසුගිය වසරේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන භාරදී ඇත.

– අරැණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka