gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂ විරෝධී සුළඟත් සූදානම්: මහින්ද සුළඟ ඇරඹූ තැනින්ම අරඹයි!

ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 සිය පළමු වෙඩි මුරය පත්තු කිරීමට සූදානම්.

එම කණ්ඩායමේ නායකයින් තීරණය කොට තිබෙන්නේ ඒ පළමු වෙඩි මුරය 2015 පෙබරවාරි මස "මහින්ද සුළඟ" ආරම්භ කළ නුගේගොඩින්ම ඇරඹීමටයි.

යෝජිත දිනය

ඒ සඳහා දැනට මාර්තු 29 වැනි අඟහරුවාදා දින තෝරාගෙන තිබෙනවා.

එදිනට එම විරෝධතාවය පැවතුණහොත් එය පැවැත්වෙන්නේ සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි විරෝධතාවය කොළඹදී පවත්වා හරියටම සති දෙකකට පසු.

ආණ්ඩුව පන්නා දැමීම මුල් කොටගත් සමග ජන බලවේග විරෝධය එළඹෙන 15 වැනි අඟහරුවාදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ඉලක්කය අපැහැදිලියි

එම කණ්ඩායම මෙම වෙඩි මුරය පත්තු කරන්නේ කාට එරෙහිව දැයි යන්න තවමත් ප්‍රශ්නයක්.

එම කණ්ඩායමේ නායකයින්ට ප්‍රශ්න තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා සමඟ බව ප්‍රසිද්ධ කරුණක්.

එහෙත් මේ මෑතකදී එක්තරා ජනප්‍රිය පුද්ගලික රූපවාහිනි සේවයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා යළිත් රාජපක්ෂවරු සමඟ දේශපාලනය නොකරන බවත් පවුල් දේශපාලනය රාජපක්ෂලාගෙන් අවසන් වන බවත්ය.

රාජපක්ෂ විරෝධය

ඒ අනුව එම කණ්ඩායමේ විරෝධතා රැළිය බැසිල් රාජපක්ෂ මහතා පමණක් ඉලක්ක කොට නොව රාජපක්ෂ ආණ්ඩුව ඉලක්ක කර පැවැත්වෙනු ඇති බව තහවුරු වනවා.

පක්ෂ 11 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ප්‍රකාශ කළද තවමත් එසේ සිදුවී නැහැ.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එම කණ්ඩායම ඉතා ලඟදීම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

පුරෝගාමින් හතර දෙනා

2015 පෙබරවාරි මස "මහින්ද සුළඟ" නිර්මාණය කිරීමට පුරෝගාමී වූ 4 දෙනා අතුරින් තිදෙනෙකුම අද පක්ෂ 11 සන්ධානය සමගයි සිටින්නේ.

එසේ නොමැති එකම පුරෝගාමියා වන්නේ සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයායි.

ඔහු හා ඔහු නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ මෙම ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමට එක්වීම මුල සිටම ප්‍රතික්ෂේප කළා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka