මෛත්‍රීපාලට කොළඹ ගෙදර නැති වෙයි!
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවෙස ලබාදීම සඳහා පසුගිය යහපාලන රජය විසින් ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණය අත්හිටු වීමට ශේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුවත් මෙම නිල නිවෙස පාවිච්චි කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ මඩුල්ලක් විසින් නඩු විභාගය අවසන්වන තුරු මෙම අතුරු තහනම් නියෝගය ලබාදී ඇත.
මෛත්‍රීපාලට කොළඹ ගෙදර නැති වෙයි!
2022-03-29T16:15:00+05:30
Gossip Lanka Hot News






