ලොක්කන්ට දෙන්න, සැප වාහන තොගයක් ජනාධිපති කාර්යාලයට ගෙන්වයි!
පළාත් සභා සංචිත වල ඇති සුඛෝපභෝගී වාහන ජනාධිපති කාර්යාලය වෙත කැදවා ඇති බව වාර්තා වේ.
දැනට වසර කිහිපයක් තිස්සේ පළාත්සභා විසුරුවා ඇති නිසා ඒවායේ මහ ඇමතිවරුන්, අමාත්‍යවරුන් භාවිතා කරන ලද වාහන මෙසේ කැඳවා ඇත.
ආණ්ඩුවේ තනතුරු දරන සහ ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධුරය දරන මන්ත්‍රීවරුන් සහ ආයතන ප්‍රධනීන් සඳහා වාහන ලබා දීම සඳහා මෙම කැඳවීම කර තිබේ.
දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා එම පිරිස් වෙත වාහන ලබා දීමේදී රජය අපහසුතාවයට පත්ව සිටින අතර එය කළමනාකරණය කර ගැනීම සඳහා මෙසේ වාහන කැඳවා ඇත.
ලොක්කන්ට දෙන්න, සැප වාහන තොගයක් ජනාධිපති කාර්යාලයට ගෙන්වයි!
2022-03-18T13:08:00+05:30
Gossip Lanka Hot News





