gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දේ එන කල් අවුරුදු හතරක් බලා ඉන්න බෑ... ජනතාව ලෑස්ති නම් ඡන්දයක් ගන්න අපි ලෑස්තියි - ලාල්කාන්ත

රටේ ජනතාව දැඩි අධිෂ්ඨානයකින් මහ මැතිවරණයක් අවශ්‍යයි කියා කියන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත් ජන බලයට වඩා බලයක් ලොව කොහේවත් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

මහ මැතිවරණයකට තව අවුරුදු 3 1/2ක් පවතින අතර මේ ආකාරයට නම් අවුරුදු තුනහමාරක් යෑමට ආණ්ඩුවට නොහැකි බවද ඔහු පැවැසුවේ තංගල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ මහ සමුළුව අමතමිනි.

එහෙත් මුලින්ම කුමන මැතිවරණයක් පවත්වයිද යන්න කිසිවකුත් නොදන්නා බවත් පළාත් පාලන මැතිවරණයක් මුලින්ම පැවැත්වුවහොත් කුමන්ත්‍රණ කර ජවිපෙන් පැහැර ගත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත්, තවත් ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයකුත් ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරනවා යන්න ගැන කිසිම සැකයක් නොමැති බවත් ලාල්කාන්ත මහතා පැවැසීය.

“අද රාජපක්ෂලාගේ ගේ ඇතුළට ඇවිල්ලා අපි කෑගහලා කියනවා මැතිවරණයක් තියපල්ලා. යුද්ධය ඉවර වුණාට පස්සේ රාජපක්ෂලා අෑත තිබුණු ඡන්ද ළඟට ගත්තා. නමුත් දැන් රාජපක්ෂලා පවත්වන්න ඕනෑ ඡන්දත් කල්දානවා. ඒ විතරක් නොවෙයි පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගන්න ජනතාව සූදානම් නම් ඒකත් කරන්න පුළුවන්. රටේ ජනතාව හඬගාලා කියනවා නම් පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ජන බලයට වඩා බලයක් වෙන කොහේවත් නැහැ. දැන් පලයල්ලා කියලා තිබෙන ජන මතය ජන බලයක් බවට පත්කරලා මේ හඬ නඟන්න ඕනෑ. ජන බලය කියන්නේ සංවිධානය වුණු ජනතාවගේ ශක්තිය” යැයිද හෙතෙම සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka