රට තුළ මතුව ඇති ආර්ථික අර්බූද සියල්ල විසදීම සදහා තමන්ට වසරක කාලයක් ලබා දෙන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
අද සවස පැවැති මෙම රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මතුව ඇති ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කර තිබේ.
එහිදී එම ගැටලු සාවධානව අසා සිට ඇති මුදල් අමාත්‍යවරයා සියලු ප්‍රශ්න විසදීම සදහා වසරක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එම වසර තුළදී සියලු ප්‍රශ්න විසදන බවට සහතිකයක්ද මුදල් අමාත්‍යවරයා විසින් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට ලබා දී තිබේ.
