අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප‍්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ‍්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර ගිවිසුම් අත්සන් තබන ලදී.
පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපදවනු ලබන හයිඩ‍්‍රජන් වායුව හරිත හයිඩ‍්‍රජන් ලෙස හැඳින්වේ.
මෙම අවස්ථාව හා එක්වෙමින් බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.
පැරණි කියමනක් තියනවා අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක් හෝ දල්වන්න කියලා. ඒ අනුව මේ මොහොතේ මුහුණපා සිටින අභියෝගයට ක්‍ෂණික විසඳුමක් නොවුණත් මීට බොහෝ කලින් කළ යුතුව තිබුණු දැන් ආරම්භ කළොත් අනාගතයේ මෙවැනි අඳුරු පරිච්ෙඡ්දයන් වලට මුහුණ දීමට අවශ්‍ය නොවන ඉතාම දූරදර්ශී කාර්යකටයි අද අපි අත ගැහුවෙ.
නෝර්වේජියානු Greenstat සමාගමෙහි ඉන්දියාවේ තියෙන පාලිත සමාගමක් වන Greenstat Indian සමග අද ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ ශ‍්‍රී ලංකාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට හයිඩ‍්‍රජන් නිෂ්පාදනය පිළිබඳව කටයුතු ආරම්භ කරන්නයි. අපේ හිරුඑළියෙන් සුළෙ`ගන් නිසි ප‍්‍රයෝජනය අරගෙන අපිට පුළුවන් විදුලිය නිෂ්පාදනය කරන්න. හයිඩ‍්‍රජන් කියන්නේ බලශක්තිය ගබඩා කළ හැකි ක‍්‍රමවේදයක්. මෙතනදී අපි විදුලිය නිෂ්පාදනය කිරීමට හිරුඑළිය සුළං වැනි පුනර්ජනනීය හරිත බලශක්ති ප‍්‍රභවයන් භාවිතා කිරීම හරහා හයිඩ‍්‍රජන් නිෂ්පාදනය කළොත් තමයි අපිට ඒක හරිත හයිඩ‍්‍රජන් විදියට හඳුන්වන්න පුළුවන්.’
අද මේ ආකාරයට උදය ගම්මන්පිල මහතා නෝර්වේ රාජ්‍යය සමග ගිවිසුම් අස්සන් කළද එදා එජාප ආණ්ඩු සමයේ සටන් විරාම ගිවිසුමට නෝර්වේ රාජ්‍යය පහසුකම් සපයද්දී ගම්මන්පිල ඇතුලු කණ්ඩායම නොර්වේ රාජ්‍යය හැදින්වූයේ කොටින්ට කත් අදින රටක් ලෙසය.
