gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් හිගය අවසන් වන්නේ අවුරුද්දෙන් පසුවයි... තෙල් බාන්න ඉඩ නැතිව බවුසර ආපසු එනවා - ගාමිණී ලොකුගේ

දැනට රට තුළ පවතින ඉන්ධන හිගය එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව පහ ව යනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම කාල සීමාව පසු වී යද්දී මෙරට තෙල් පෝලිම් අවසන් වනු ඇති බවයි.

ඒ වන විට මෙරට තෙල් පිරිපහදු ට අවශ්‍ය බොරතෙල් ලැබෙනු ඇති බවත් පැවසූ ඔහු තාප බලාගාරවල විදුලි නිෂ්පාදනයට ප්‍රශ්නයක් නොවනු ඇතැයි ද කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

කෙසේ වෙතත් ඊට දින දෙකකට පෙර අමාත්‍යවරයා කියා සිටියේ රටපුරා බොහෝ ඉන්ධන පිරවුම්හල් වලට යවන ලද ඉන්ධන පුරවා ගත් බවුසර තෙල් බෑමට ඉඩ නැති වීම හේතුවෙන් ආපසු හැරී එමින් සිටින බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka