gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන නෞකාවක් පැමිණීම අවලංගු කරයි.. හිගය දරුණු වෙයි... සීමා පනවන්නැයි ඇමති දැනුම් දේ!

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නව ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවන් අවස්ථාවක සැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

පවතින විදේශ විනිමය අර්බුදය නිසා විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද ආණ්ඩුව තීරණය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර දැනටමත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවා සහ රජයේ වාහන සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ ක‍්‍රමයක් අනුගමනය කරනු ලබයි.

ඒ සඳහා වන දැන්වීම් ද ඉන්ධන පිරවුම්හල වල ප‍්‍රදර්ශණය කර ඇත.

මේ අතර දිවයින පුවත්පත තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටමින් සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව නොවැලැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින වල ඉන්ධන අර්බුදය තවත් දරුණු වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

නැවතත් ඉන්දන නෞකා මෙරටට පැමිණි පසු පැමිණ ඒවා බෙදා හරින තුරු ඩීසල් හිගය තවදුරටත් පවතිනු ඇතැයිද එකී නිලධාරියා සඳහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka