gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියත් මගයි-ගම්මන්පිලයි දෙන්නම ෆේල්... කතා කරලා වැඩක් නෑ - ඩිලාන් පෙරේරා

‘වියත් මඟ’ දේශපාලන වශයෙන් ‘ෆේල්’ නිසා ඒ පිළිබඳව කථා කිරීම නිෂ්ඵල බවත් රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට ඩිව් ගුණසේකර මහතා වැනි වියතකුගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුවේ, විපක්‍ෂයේ සහ පිටත සිටින වියතුන්ගෙන් යුත් කමිටුවක් පත්කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

වියත් මඟ ෆේල් නම්, වියත් මඟ, වියත් මඟ කිය කියා සිටීමෙන් ඵලක් නොවන බවත් රටේ සිටින ‘වියපත් වියතුන්’ගෙන් ප්‍රයෝජනය ගතයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙක් ලෙස ‘ෆේල්’ බව ද සඳහන් කළ ඩිලාන් පෙරේරා මහතා ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ‘වොයිස්කට්’ දීම අතහැර අමාත්‍යවරයාගේ වගකීම ඉටු කළ යුතු බව ද පැවසීය.

ජනතාව විදින දුක තමන් ද අත්විදින නිසා ඒ පිළිබඳව හොඳ අවබෝදයක් ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ‘වොයිස් එක කට් කර’ පක්‍ෂ සහ විපක්‍ෂ දෙකේම සිටින ප්‍රශ්නවලට විසඳුම් දියහැකි අය එකතුව රට මුහුණ දී සිටින අර්බුදය විසඳිය යුතු බව ද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka