විදුලි ගාස්තු 500%කින් ඉහළ යන බවට රාජ්‍ය ඇමති දයාසිරිගෙන් අනාවැකියක්!
ඉදිරියේදී විදුලි ගාස්තු ද 500%කින් වැඩි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, විදුලි ඒකක 30ක් සඳහා අය කළ ගාස්තුව 500%කින් ඉහළ යනු ඇති බවට තමන්ට දැන ගන්නට ඇති බව ය.
"දැන් හෙට අනිද්දා වෙනකොට ආපහු මම හිතන්නේ ලයිට් බිල වැඩි වේවි. දැන් ආරංචි තියෙන විධියට විදුලි බල මණ්ඩලයට දීල තියෙන යෝජනාවට අනුව, ඒකක 30ක් තිබුණු මිලට වඩා 500%කින් වැඩි වෙනවා. ලයිට් දාන්න නෙමෙයි, ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ලයිට් දාන්නේ නැතුව. ෆෑන් එක දිහා බලාගෙන හිටිය හැකි ෆෑන් එකක් තියෙනවා කියලා. එතනට වැටිලා තියෙන්නේ අපි දැන්."
මේ සම්බන්ධයෙන් අපි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතාගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සකච්ඡා පවත්වා තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.
විදුලි ගාස්තු 500%කින් ඉහළ යන බවට රාජ්‍ය ඇමති දයාසිරිගෙන් අනාවැකියක්!
2022-03-22T10:11:00+05:30
Gossip Lanka Hot News






