gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 වතාවක් දළදා කරඬුව වැඩමවූ නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි! රටට තවත් අසුබ ලකුණක්ද? (VIDEO)

සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ  පෙරහැර මංගල්‍යයේ  වත්මන්  සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති රාජයා අද අලුයම මියගොස් තිබෙනවා.

මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.

ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසයි.

අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ  "නැදුන්ගමුවේ රාජා" 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.

ඉන්දියාවේ සිට මෙරටට ගොඩබට දිනයේ සිට මේ වන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති රාජා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි.

ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යන  නැඳුන්ගමුවේ රාජා හස්තියා කලක් රෝගාතුරව සිටියදීම පසුගිය වසරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම විශේෂත්වයකි.

දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙක්.

උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි

මහනුවර ඇසළ පෙරහැරේ වත්මන් ප්‍රධාන කරඬුව දරන හස්ති රාජයා වුයේද විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා වුයේද නැදුන්ගමුවේ රාජා ඇතුයි.

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka