විමල් හා උදයට ඇමති ආරක්ෂාව දිගටම!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණයි.
ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණි.
මේ අතර කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉකුත්දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබූ බවද මීට පෙර වාර්තා විය.
මේ අතර කුරුණෑගල නාරම්මල මහජන පුස්තකාලය සහිත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති උත්සවයට ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11 ක සහභාගිත්වයෙන් පසුගියදා පැවති සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගීවී සිටි බව පැවසේ.
ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම් අසංක නවරත්න සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මන්ත්‍රීවරු දෙදෙනාය.
-srilankamirror
විමල් හා උදයට ඇමති ආරක්ෂාව දිගටම!
2022-03-06T12:43:00+05:30
Gossip Lanka Hot News




