gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද ජනාධිපතිවෙලා හිටියනම් කොරෝනා නෙමෙයි මොන අර්බුදය ආවත් ආර්ථිකය වැටෙන්නේ නෑ…- ජොන්ස්ටන්…

“මහින්ද සුළග හැදුවෙ ඇයි ? මහින්ද සුළග නැතිව යන්න බැරි නිසා කාටවත්. ඔබතුමාගේ ඡායාවට හැංගිලා තමයි ඔක්කොම අය දේශපාලනය කළේ. ඔබතුමා නැති, ඔබතුමාගෙ නම නැති රැස්වීමක් කරන්න බැරිවුනා කාටවත්. ඒක තමයි තිත්ත ඇත්ත. මේව හැමෝම දැනගන්න ඕනෙ. ඔබතුමා තමයි චරිතය. ඔබතුමාව පෙන්නුවොත් තමයි ඒ චරිත වලට පවතින්න පුලුවන්.” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නාරම්මල දී පැවසීය
.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 05 පැවැති නාරම්මල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩ්දුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍යවරයා මෙසේද කීය.

අද අපි මේ දිස්ත්‍රික්කයේ ඉන්නෙ ඔබතුමා නිසා. අපිට මිනිස්සු සලකන්නෙ ඔබතුමා එක්ක ඉන්න නිසා. මේ හම දේශපාලන නායකයෙකුටම මිනිස්සු සළකන්නෙ ඔබතුමා එක්ක ඉන්න නිසා. ඒක තමා යථාර්ථය. අපි යන තැනක අපිට පිළිගැනීම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක ඉන්න නිසා. ඒක හැමෝම පිළිගන්න ඕනෙ. ඒ නිසා ඔබතුමාව පෙන්නල කාටවත් වෙන දෙයක් කරන්න බැහැ. එදා ගෝටාභය මහත්තයව සුගතදාස එකට ගෙනල්ලා ඔබතුමා කිව්වා මගේ බාල සහෝදරයා. පවුලේ කෙනෙක් වගේ හිතලා උදව් කරන්න කියලා. ජනතාව ඒක අහලා හැටනම ලක්ෂයක් දුන්නා. ඔබතුමාටත් වැඩියෙන් ඡන්දය දුන්නා. ඒ ඔබතුමාගේ එක වචනයට. මිනිස්සු දැක්කා 2015 න් පස්සෙ ඔබතුමා නැති යුගයට මොකද්ද වුනේ කියලා. රාජපක්ෂලට ගහපු පහරදීම් වලට මිනිස්සු කෙළෙහිගුණ දැක්වුවා අන්තිමට. ඔබතුමාට විරුද්ධව හිටපු අයත් ඔබතුමාගෙ වැඩපිළිවෙළ පිළිගත්තා. ඒ නිසා තමයි උතුරෙ බළවේග නැගෙනහිර බළවේග සහ ජාත්‍යාන්තර බළවේග ප්‍රේමදාස මහත්තයට උදව් කරද්දි ගෝටාභය මහත්තය දිනුවේ.

අද අපිට නොයෙකුත් අභියෝග තියෙනවා. 2015 න් පස්සෙත් ඔබතුමා ජනාධිපති වෙලා හිටියනම් කොවිඩ් නෙමේ මොන අර්බුදය ආවත් අපේ ආර්ථිකය වැටෙන්නේ නැහැ. ඔබතුමා හදපු ආර්ථිකය විනාශ කෙරුවා. ඔබතුමා හදපු ජාතික ආරක්ෂාව විනාශ කෙරුවා. ඒ නිසා තමයි ඩොලර් නැතිවුනේ. සහරාන්ල ගැහුවට පස්සෙ තමයි මේ රටට විදේශිකයො එන එක නතර වුනේ. එතනින් තමයි වැටෙන්න පටන් ගත්තේ ඩොලර් සංචිතය. ඊට ඉස්සරලා ආර්ථිකය වැට්ටුවා. ඔබතුමා හදපු ආර්ථිකය වට්ටල අන්තිමට ඇෆ්ගනිස්තානය එක්ක අන්‍තිම තැනට තරග කරන්න අප්ට සිද්දවුනා. මේක තමයි යථාර්ථය.

ඊළගට මුළු ලෝකෙම මනුෂ්‍ය වර්ගයාට අභියෝග කළා කොවිඩ් වසංගතය. ඒකට මුහුණ දෙන්න සිදුවුනා. අපි එදා කිව්වා ගෝටාභය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය පරිණත නායකයා කියලා. ඒක තමයි මේ රටේ මිනිස්සුන්ට ඕනෙ. වෙන අගමැති කෙනෙක් හිටියනම් අද වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ ? මේ ඇතුලේ සහ එළියේ හතුරොත් එක්ක වෙන අගමැති කෙනෙක් හිටියනම් මොකද වෙන්නෙ ? ඔබතුමා ඉන්න නිසා තමයි ජනාධිපතිතුමා සහ රජය බේරිලා තියෙන්නේ. වෙන නිකම්වත් හෙල්ලෙන අගමැති කෙනෙක් හිටියනම් අද වෙද්දි මේ රජය සහ ජනාධිපතිතුමාව විනාශ කරලා ඉවරයි. මේව අපි පිළිගන්න ඕනෙ. ඒනිසා ගෝටාභය ජනාධිපතිතුමා ඉතාමත්ම උපක්‍රමශීලීව සහ ඥානවන්තව මේ කොවිඩ් වසංගතය හැසිරුවා. මේ සුසංයෝගය තමයි එදා යුද්ධය ජයග්‍රහණය කළේ. ඒ නිසා ඒ සුසංයෝගය අදටත් කිසිම ප්‍රශ්නයක් නැතිව, ඔබතමාගේ සියළුම ශක්තීන් දීල තියෙනවා බොහොම ස්වාධීනව කටයුතු කරන්න. අභියෝග කරන අගමැතිවරයෙක් හිටියනම් අද මහා ප්‍රශ්න ගණනාවක් ඇවිල්ල. අපි 20 ගෙනාව ව්‍යවස්ථාව සංශෝධනය කළා. සමහර කැමතිවුනේ නැහැ. සමහරු හිතුව සිරිසේන මහත්‍තයයි රනිලුයි ගෙනාපු එකේ හොද කෑලිත් තිබුණා කියලා. එහෙම ප්‍රශ්න ගොඩක් ඇතිකළා. හැබැයි මේ හැම අභියෝගයකටම අපි මුහුණ දුන්නා.

අද වෙද්දි අපිට අභියෝග තියෙනවා. තෙල් ප්‍රශ්නය ආවා. ගෑස් ප්‍රශ්නය ආවා. මේ ප්‍රශ්න අපිට අද රටේ ඇතිවෙලා තියෙනවා. මම දකින්නේ අගමැතිතුමනි, අපි ආණ්ඩුවම කියනවානම් අපිට තෙල් නැහැ කියලා රටේ මිනිස්සු මොනවද කරන්නේ ? අපිම කියනවා නම් තෙල් ගේන්න සල්ලි දෙන්නෙ නැහැ. ඇපල් ගේන්නයි මිදි ගේන්නයි විතරයි සල්ලි දෙන්නේ කියලා රටේ මිනිස්සු මොනවද අපේ ආණ්ඩුව ගැන හිතෙන්නේ ? එතකොට මිනිස්සු කළබල වෙනවා. ජනතාව අහිංසකයි. ජනතාව බලනවා කැබිනට් එකේම ඉන්න අය කියනවා තෙල් නැතිවෙනවා කියලා. ජනතාව පෝලිමට එනවා. වාහනේ වාහන පෝලිමේ ගහනවා. කෑන් එක කෑන් පෝලිමට දානවා. ඉතිං මේ මොකද්ද වුනේ ? මිනිස්සු කළබල වුනා. මේ කළබලය ඇතිකරන්න ඕන වුනේ කාටද මේක කරන්න ඕන වුනේ ප්‍රේමදාස මහත්තයට, දිසානායක මහත්තයට. ඔය පෙට්‍රල් ශෙඩ් ළග කළබල කරන අය වීඩියෝ කරල බලන්න කවුද ඉන්නෙ කියලා. දැන් ඊයේ හතර දෙනාම ජේ.වී.පී. කාරයෝ. හතර දෙනාම මීටරේ බලනවා. ගහන ගාණ බලනවා. මාධ්‍යයට කතා කරනවා එන්න කියනවා. මොකද්ද මේ කරන්න හදන්නේ ? ප්‍රශ්න ඇති කරන්න. ඉතිං කවුරු කවුරුත් මොන ඇමති, රාජ්‍ය ඇමති වුනත් විපක්ෂයේ ඉන්නකොට කරපු කාර්‍යභාරය නෙමෙයි ආණ්ඩුවට ආවම කළ යුත්තේ. ආණ්ඩුව යනකොට ඒක කඩා බිදදාන්න කවුරුහරි දැනගෙන හෝ නොදැන ක්‍රියා කරනවා නම් ඒකෙන් වෙන්නෙ විනාශයක්. ඒ නිසා අකමැත්තෙන් වුනත් අපේ ජනාධිපතිතුමාට අපේ ඇමතිවරු දෙන්නෙක් ඉවත් කරන්න තීරණ ගන්න සිද්ධ්වුනා. දැන් එතුමන්ලා මුදල් ඇමතිතුමාට පහර දෙනවා. දුන්නත් ආපහු මේ ජනාධිපතිතුමාගෙන් ගන්නෙ නැහැ කියලා කියනවා. ඉතිං මේව දිහා බලපුවාම අපිට පේන්නෙ විපක්ෂයේ කාර්‍යභාරය ආණ්ඩුවක් ඇතුලේ.ඉදලා කරන්න ගියොත්, ආණ්ඩුවක් කරන්න බැහැ. ඒනිසා, අපේ ජනාධිපතිතුමා මහින්ද මහත්තයගේ ප්‍රතිපත්තියමයි අනුගමනය කරන්නේ. සැලුන් දොර තියෙනවා. එන්ඩ පුලුවන් යන්ඩ පුලුවන්.

මම විශේෂයෙන්ම ජනතාවට කියන්න ඕන. මම අද මුදල් ඇමතිතුමාටත් කතා කළා. අපිට අවශ්‍ය තෙල් මේ වන විට ගෙනත් තිබෙනවා. අපේ රටේ දැන් තෙල් ප්‍රශ්නයක් නැහැ . හෙට නිවාඩු දවසක් උනත් වුනත් සාමාන්‍ය පරිදි තෙල් බෙදා බෙදාහැරීම සිදු කරනවා. මම වගකීමෙන් ජනතාවට කියනවා කලබල වෙන්න එපා කියලා. පැය ගණන් පෝලිම් වල ඉන්න එපා අපිට අවශ්‍ය තෙල් මේ වන විට තිබෙනවා. නැවත වාරයක් තෙල් නිසා මේ රටේ ජනතාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ජනතාවගේ විශ්වාසය පලුදු කරන්නේ නැහැ . විස්වාසය පළුදු කරපු අය මේ වෙද්දි ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා අනවශ්‍ය ලෙස තෙල් පුරෝගෙන තමන්ගේ මුදල් නාස්ති කරගන්න එපා කියලා . ඉදිරි පැය 24 තුළ දී අපි දිවයින පුරාම තෙල් බෙදාහැරීම සිදු කරනවා.

රුපියල් මිලියන 133 ක් වැය කරමින් නව ගොඩනැගිල්ල ඉදිකර තිබිණ. විවෘත කිරීමේ අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ ඩී. බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත්, චරිත හේරත් සහ සුමිත් උඩුකුඹුර, නාරම්මල ප්‍රාදේශීය සභාවේ සභාපති සුමනසිරි දසනායක මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් පිරිසක්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka