gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෝඩි ශ්‍රී ලංකා සංචාරය හදිසියේ කැන්සල් කරයි – හේතුවක් ප්‍රකාශ කර නැහැ !

මේ මස අවසානයේදී දියත්වීමට තිබූ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කොට තිබෙනවා. ඒ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව ඉන්දීය බළධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

ඉන්දීය අගමැතිවරයා යාපනය පලාලි ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර සංචාරය ආරම්භ කරමින් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ඇතුළු උතුරේ අවස්ථා කිහිපයකට සහභාගිවීමට නියමිතව තිබිණි.

ඉන් අනතුරුව ඔහු මෙරටදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව ඇමතීමටද නියමිත බවයි වාර්තා වී තිබුණේ.

කෙසේ නමුත් සිය සංචාරය අත්හිටුවා, අන්තර්ජාලය ඔස්සේ බිම්ස්ටෙක් සමුළුව ඇමතීමටයි ඉන්දීය අගමැතිවරයා තීරණය කර තිබෙන්නේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka