gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

”තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහි වෙමු”! මාතර තරුණයන් අද හවස පාරට බහී! වැඩේ ස්වාධීනයි! කිසිම දේශපාලන හයියක් නෑ!

අඛණ්ඩව ජනතාව පීඩාවට පත්කරන විදුලිය කප්පාදුවට හා ඉන්ධන සහ ගෑස් හිඟයට විසඳුම් ඉල්ලා “තැන තැන කතා කළා ඇති- එකමුතුව එරෙහිවෙමු” යන තේමාවෙන් යුතුව ජනතාව පෙළෙන ආණ්ඩුවට එරෙහිව මාතර නගරයේදී නිහඬ විරෝධතාවයක් සංවිධානය කිරීමට මාතර ජීවත් වන තරුණ කණ්ඩායම් හා ව්‍යාපාරිකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

කිසිඳු දේශපාලන කණ්ඩායමක සහභාගීත්වයක් නොමැතිව ස්වාධින පිරිසක් විසින් සංවිධානය කරන මෙම විරෝධතා ව්‍යාපාරය අද (31) දා සවස 6 ට මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

ජනතාවට දිනෙන් දින එල්ලවන ආර්ථික පීඩනය හමුවේ පසුගිය සති කිහිපය පුරාම දිවයිනේ ප්‍රදේශ රැසක තරුණ පිරිස් එක්ව නිහඬ විරෝධතා ව්‍යාපාර සංවිධානය කල අතර ඒ අනුව යමින් මාතර තරුණයන්ද තමන්ට දැනෙන පීඩනය ප්‍රකාශ කිරීමක් ලෙස මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

විරෝධතා ව්‍යාපාරය පිලිබඳව අදහස් දක්වමින් සංවිධායකවරු ප්‍රකාශ කලේ කිසිඳු දේශපාලන කණ්ඩායමක සහයෝගයක් නොමැතිව තරුණ පීඩනය ආණ්ඩුවට දැනවීමේ අරමුණින් සංවිධානය වන සාමකාමී නිහඬ විරෝධතාවය සඳහා මාතර ජීවත් වන සෑම කෙනෙකුගේම සහභාගීත්වය ඉතා උද්‍යයෝගයෙන් බලාපොරොත්තු වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka