gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුවට දාපු බැසිල්ගේ පනත ආණ්ඩුවෙන්ම අයින් කරගනී!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇත. එම පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට ඉකුත්දා දැනුම්දී තිබිණි .

එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණි .

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා, මත්පැන් ,දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම හා සුදු , මෝටර් වාහන මත විවිධ අණපනත් යටතේ පනවා ඇති බදු වෙනුවට එක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට පසුගිය අයවැයෙන් යෝජනා කර තිබූ අතර ,ඒ පිළිබඳ පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 7 වැනි දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය .

එම පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 20 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka