gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෝන් සිටි තායිලන්තයේ කාමරයේ රුධිර පැල්ලම් (ඡායා)

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් මියගිය තායිලන්තයේ ඔහු සිටි කාමරයේ තිබී හමුවු රුධිර පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් තායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

කාමරයේ පොළව මත සහ තුවා කිහිපයක එලෙස රුධිර පැල්ලම් තිබී ඇති බවද පැවසේ.

එක් තුවායක ඔහුගේ වමනය ද දක්නට තිබූ බව එම වාර්තාවල දැක්වේ.

එමෙන්ම සිහිසුන්ව ඔහු බිම වැටි සිටියදී කෘත්‍රිම ශ්වසනය ලබාදුන් අවස්ථාවේදීත් ඔහුගේ මුවෙන් රුධිරය ගලාගිය බවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු යමක් නැතැයි තායි පොලිසිය ඊයේ දිනයේදී නිවේදනය කර තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය නිවැරදිම තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවයි විමර්ශන නිළධාරීන් කියා සිටින්නේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka