මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෙනත් ඇමතිධුරයක් ලබාදෙන ලෙසත්, ලබන 31 වැනිදා මහා සංඝරත්නය අභයාරාමයට එක්වී ඉදිරි පියවර පිළිබඳව තීන්දුවක් ගන්නා බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පවසති.
“කිසා ගෝතමීට නොමළ ගෙයකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ මමත් මේ ආණ්ඩුවට කියනවා කලකිරිච්ච නැති ගෙදරකින් පුළුවන්නම් වතුර වීදුරුවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ වගේ වේදනා දෙන්න සූදානම් නම් අපටත් සිදුවෙනවා අර වගේම නැවතත් පා ගමන් ගිහිල්ලා මේ ආණ්ඩුව වහාම යවමු තැනට ගන්න සිද්ධවෙන එකනම් අකමැත්තෙන් හරි කියන්න සිදුවෙලා තියෙනවා.
මහින්ද අගමැතිතුමනි අපි ඉතාමත් කරුණාවෙන් ඔබතුමාට කියනවා මේ ආණ්ඩුවේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය නැවතවරක් භාර ගන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම කරයි. බැසිල් රාජපක්ෂ මුදල් අමතිතුමා වෙන සංවර්ධන ඇමතිධුරයක් එතුමට භාර දෙන්න. මේ 31 වැනිදා මහා සඟරුවන අභයාරාමයට එකතුවෙලා අපි තීන්දුවක් ගන්නවා. ඉදිරි පියවර මොකක්ද කියන එක ගැන”