හේමසිරි-පූජිත් නිදහස් කළාට එරෙහිව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! තීන්දුව වැරදි බව කියයි!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ.
එම අභියාචනයේදී නීතිපතිවරයා කියා සිටියේ නඩුවේ විභාගය අවසන් වීමෙන් පසු විත්තිකරුවන් කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගත් තීරණය වැරදි බවයි.
එබැවින් එම තීන්දුව අවලංගු කර නඩුව නැවත සලකා බලන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා ඇත.
හේමසිරි-පූජිත් නිදහස් කළාට එරෙහිව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! තීන්දුව වැරදි බව කියයි!
2022-03-06T08:57:00+05:30
Gossip Lanka Hot News





