අද (මාර්තු 7) සිට මාර්තු 31 වන දා දක්වා කාලය තුළ සියලු ම විදී පහන් අක්‍රිය කර තබන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලු ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලිපි ශීර්ෂයක් භාවිත කළ ලිපියක් පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත යොමු කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
දෛනික ජන ජීවිතයට අවම බලපෑම් සහිතව විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප වේ නම් ඒවා ක්‍රියාවට නංවා ඒ පිළිබඳව තමන් වෙත දන්වා එවන ලෙස ද මුදල් අමාත්‍යවරයා විසින් දන්වනු ලැබ තිබේ.
රට තුළ මේ වන විට උද්ගතව ඇති බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් මෙම පියවර ගන්නා බව එහි දක්වා තිබේ.
