gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මෝදි දැන් ගොඩක් හොඳයි... අවුරුදු කන්න ඉන්දියාවෙන් ණය දුන්නා" - ඉන්දියා ගිය බැසිල් ලංකාවට ඇවිත් කියයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම සංචාරය අතරතුර දී ඉන්දීය රජය වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් අනුමත කරවා ගැනීමට කටයුතු කර තිබුණා.

සිය ඉන්දීය සංචාරය නිමා කර අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කර තිබුණා.

"ළඟ එන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සදහා ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීම සදහා ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියානු රජය විසින් ලබා දී තිබෙනවා. මෙම ණය මුදල වෙළෙඳ අමාත්‍යාංශය සමග සම්බන්ධ වෙමින් විනිවිදභාවයකින් යුතුව, මෙතෙක් කල් ආනයනය කළ ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් කඩිනමින් මෙරටට ආනයනය කර සාධාරණ මිළකට ජනතාවට ලබා දීමට කටයුතු කිරීමට පියවර ගන්නවා.

ඉන්දියාව කවදත් ශ්‍රී ලංකාව සමග හිතවත් කමක් දැක්වූවා. නමුත් මෙවර ඊටත් වඩා විශේෂත්වයක් මෝදි අගමැතිතුමා දක්වනවා. ශ්‍රී ලංකාවට අවශ්‍යතම සහාය ආර්ථික, සමාජීය වශයෙනුත් ලෝක සංවිධාන වලදී ඍජුව උදව් කරනවා." යැයි මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

මුදල් ඇමතිවරයා ඇතුළු පිරිස අද දින පස්වරු 01.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka